දෙවියන්වහන්සේ සිටිනවාද?
ලෙලා පිළිකාවකින් මිය යමින් සිටියාය. ප්‍රේමණීය දෙවියන්වහන්සේ කෙනෙක් තම භාර්යයාවට දුක් විඳින්න දෙන්නේ මන්ද කියා ඇගේ ස්වාමිපුරුෂයා වන තිමතිට තේරුම් ගත නොහැකි විය. ඇය බයිබල් ගුරුවරියක් සහ උපදේශිකාවක් ලෙස බොහෝ අයට සේවය කරතිබුණි. “මෙය සිදුවන්න ඉඩ හැරියේ ඇයි?” ඔහු හැඬුවේය. එසේ වූවත් තිමති දෙවියන්වහන්සේ සමග තම ගමන විශ්වාසවන්තව ගෙන ගියේය.
“ඔබ තවමත් දෙවියන්වහන්සේව විශ්වාස කරන්නේ ඇයි?” කියා මම අවංකවම ඇසුවෙමි.…
සැළසුම් වියවුල් වේ
ජේන්ගේ සැළසුම වූයේ කථා චිකිත්සකයෙක් වීමය. එය අවසන් වූයේ එම රැකියාව ඇයගේ හැඟීම්වලට අභියෝගාත්මක වැඩිය කියා පුහුණුවේදී එළිදරව් වූ කෙණෙහිය. ඊළඟට ඇයට සඟරාවකට ලිවීමට අවස්ථාව ලැබුණි. ඇය තමා කර්තෘවරියක් යයි කිසි දිනෙක සිතුවේ නැත. නමුත් පසු කාලයකදී ඇයට වැටහුණේ ඇයගේ ලිවීම තුළින් ඇය අවශ්‍යතා ඇති පවුල්වලට උදව් කරන බවය. “පසුපස හැරී බලන විට මාගේ සැළසුම් වෙනස් වූයේ ඇයිදැයි මට පෙනේ”…
ප්‍රේමය තුළ බෙදී
වාදයට තුඩු දුන් නීතියක් සිංගප්පූරුවට පැමිණි විට ඇදහිලිවතුන් දෙපැත්තකට බෙදුණි. සමහරු අන් අයට පටු මතධාරීන්යයි පැවසුවෝය. නැතිනම් ඔවුන් තම ඇදහිල්ල බාල්දු කරනවා යැයි කීවෝය.
මතවාද නිසා දෙවියන්වහන්සේගේ පවුලේ අය අතර තියුණු බෙදීම් ඇති වේ. ජනතාව අතර සිත් රිදීම්ද අධෛර්යයට පත්වීම්ද ඇති වේ. බයිබලයේ ඉගැන්වීම් මාගේ ජීවිතයට මා අදාළ කර ගන්නා ක්‍රමයන් නිසා බොහෝ විට මා සුළු කිරීමට භාජනය වී තිබේ.…
දෙවියන්වහන්සේට අලංකාරය
ඩෙනිස් තම ප්‍රේමවන්තයා සමග ප්‍රේමයෙන් වෙලී සිටින කාලයේ ඇය මහත අඩු කිරීමටද අලංකාර ලෙස ඇඳීමටද උත්සාහ කළාය. ඇය සිතුවේ තමා එලෙස කිරීමෙන් ඔහු තමාට වඩාත් ආකර්ෂණය වනු ඇතැයි කියාය. සාමාන්‍යයෙන් කාන්තා සඟරා පෙන්වන්නේ එයයි. ඔහුගේ නියම සිතුවිලි තේරුම් ගැනීමට ඇයට බොහෝ කාලයක් ගත විය. “ඔබ මහතට ඉන්න කාලෙත් මම ඔබට ප්‍රේම කළා. ඔබගේ ඇඳුම් ගැන මම වැඩිය සිතුවේ නැහැ” ඔහු…
සෑම දෙයක්ම නැතිවී ඇතැයි සිතෙන විට
හය මාසයක් තුළ ජෙරල්ඩ්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා හැලුණි. ආර්ථික ව්‍යසනයකින් ඔහුගේ ව්‍යාපාරය හා වස්තුව විනාශ විය. ඛේදනීය අනතුරකින් ඔහුගේ පුත්‍රයා මිය ගියේය. කම්පනය නිසා ඔහුගේ මව හෘද රෝගයකින් මිය ගියාය. ඔහුගේ භාර්යාව මානසික අවපාතයකට වැටුණි. ඔහුගේ තරුණ දියණියන් දෙදෙනාවම සැනසිය නොහැකි තත්ත්වයට පත්වුණි. ඔහුට කිව හැකිවූ එකම දෙය නම් “මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද?” (ගීතාවලිය 22:1) යන…
ඔබ සිටිනවාද?
මයිකල්ගේ භාර්යාවට මරණීය රෝගයක් වැළඳුණු විට දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය නිසා ඔහු ලබා සිටි සාමය ඇයද ලබනවාට ඔහු කැමති විය. ඔහු ඇයට තම අදහිල්ල ගැන කියා තිබුණි. ඇය උනන්දු වූයේ නැත. ඔහු එක් දිනයක් ප‍්‍රදේශයේ පොත් සැලක් තුළින් යන විට දුටු මාතෘකාවක් ඔහුගේ සිත ගත්තේය. "දෙවියනි ඔබ සිටිනවාද?" තම භාර්යාව පොතට දක්වන ප‍්‍රතිචාරය නොදැන ඔහු පොත් සැළේ ඇතුළට පිටතට කිහිප…
වේදනාවේ පරමාර්ථය
සියු ෆෙන් තමාට වකුගඩු අකර්මණ්‍යතාවයක් ඇතිවෙන බවත් ඉතිරි ජීවිතය පුරාවට විටින් විට රුධිරය මාරුකිරීම් අවශ්‍ය බවත් දැන ගත් විට දැන් ජීවත් වුනා ඇති යයි ඇයට සිතුණි. විශ‍්‍රාමික වූ අවිවාහකවූ දීර්ඝ කාලක් යේසුස් වහන්සේ විශ්වාස කරමින් සිටි ඇයට ජීවිතය දිග්ගැස්සීමට අවශ්‍ය නැතැයි සිතුණි. නමුත් මිතුරෝ ඇයට කීවේ අල්ලා ගෙන සිටින මෙන්ය. ප‍්‍රතිකර්මවලට ගොස් දෙවියන්වහන්සේ විශ්වාස කිරීමටය.
වසර දෙකකට පසු ඇයගේ අත්දැකීම්…
ශ්‍රේෂ්ඨ ආරංචිය
දේශීය ප‍්‍රවෘත්තිි පත‍්‍රයේ පළවී තිබු ප‍්‍රවෘත්තිය කෙටිය. නමුත් සිත් උණුසුම් කරන්නේය. පවුල් ශක්තිමත් කිරීම පිළිබඳ ඇදහිල්ල පදනම් කර ගත් වැඩ සටහනකට සහභාගී වූ පසු සිරකරුවන් කණ්ඩායමකට තම පවුල් සමග විවෘත කාලයක් ගත කිරීමට අවස්ථාව ලැබුණි. සමහරු වසර ගණනාවක් තම දරුවන් දැක සිටියේ නැත. වීදුරු ජනෙල් තුළින් කථා කරනවා වෙනුවට එදින ඔවුනට තම ප‍්‍රියයන් ස්පර්ශ කිරීමටද වැළඳ ගැනීමටද අවස්ථාව ලැබුණි. පවුල්…
යහපත් ක්‍රියා සුදානම් කර ඇත
විදේශයකදී උස මහත අමුත්තෙක් අප ඉදිරියට පැමිණි විට මාත් මගේ භාර්යාවත් බියෙන් හැකිලුණෙමු. අපගේ නිවාඩුව එතරම් හොඳ එකක් නොවීය. සමහරු අපට අපහාස කළෝය. අපට වංචා කළහ. අපගෙන් සූරා ගෙන තිබුණි. දැන් නැවත වාරයක් අප එවැනි දෙයකට මුහුණ දීමට යන්නෙමුද? නමුත් පුදුමයකට මෙන් එම මනුෂ්‍යයාට අවශ්‍ය වූයේ නගරයේ හොඳම දර්ශනය දැකිය හැකි ස්ථානය අපට පෙන්වීමටය. ඉන්පසු ඔහු අපට චොකලට් එකක් දී…
දෙවියන්වහන්සේ නැහැ කියන විට
සිංගප්පූරුවේ සියලු තරුණයන් මෙන් වයස අවුරුදු 18 දී මාව හමුදාවට බඳවා ගත් විට මම පහසු තනතුරක් ඉල්ලා දැඩිව යාච්ඤා කළෙමි. ඒ ලිපිකරුවෙක් හෝ රියැදුරෙක් වීමටය. මා එතරම් ශක්තිමත් නොවු නිසා සටන් පුහුණුව මග හැරීමට මම කැමති වුනෙමි. නමුත් එක් සන්ධ්‍යාවක බයිබලය කියවන විට එක පදයක් පිටුවෙන් මතුවී මට පෙණුනි. "මාගේ කරුණාව නුඹට සෑහේ......" (2 කොරින්ති 12:9).
මාගේ හදවත බරවිය. නමුත්…